Sunday, August 28, 2011

හා පුරා කියලා... ඕං


ඔන්න ඉතින් හා පුරා කියලා මාත් පටන් ගත්තා මෙව්වා එකක්. ඒත් ඉතින් මෙතැනින්ම ‍මේකේ ආරම්භයත් අවසානයත් සිද්ධ වෙයිද කියන එක තමා මට තියෙන බය. හරියට ඉස්කෝලෙ යන කාලේ ඩයරි ලිව්වා වගේ. අළුත් අවුරුද්දක් පටන් ගන්න කොට අපෙ තාත්තගෙන් හරි කාගෙන් හරි මට හම්බ වෙනවා නොවැ ඩයරියක්. අනේ ඉතින් මාත් පළවෙනි සතිය විතර කාපු බීපුවා ආගිය තැන් යාළු විස්තර පන්තියේ මොකද වුනේ... ඔය ඔක්කෝම හෑලි ටික ලියනවා ඕකේ. සතියක් දෙකක් යද්දි දවස දෙක හැලිලා යනවා. මාසයක් විතර මතක් කර කර ලිව්වත් අනේ ඉතින් මාස දෙක යනකොට නම් ඩයරිය අල්ලන්නෙවත් නෑ. හැබියි ඉතින් දැන් නම් හිතෙනවා අනෙ අපරාදේ කොහොම හරි ලියන්න තිබ්බා කියලා. මොකද කියනවනම්.... අර අමාරුවෙන් හරි ලියපු මාසේ දෙකේ විස්තර දැන් කියවන කොට හරිම ෂෝක් අප්පා. කමක් නෑ දැන් ඉතින් ගිය හකුරට නාඩන්නේ තියෙන මෙව්වා එක රැක ගන්නේ කියලා මේ වැඩෙත් කොරලාම බලමුකෝ. එහෙනම් ඕං හැමෝටම ආයුබොං කියලා මාත් පටන් ගන්නවා මගේ රා..කළස.... (එහෙම කිව්වට මේක රා කළයක් හෙම නෙවෙයි හොදේ)

5 comments:

  1. හා හා එහෙනම් ලියමුකො බලන්න.අපිත් එන්නම් කියවන්න.මම් නම් ජීවිතේට ඩයරියක් ලියල නෑ.

    ප.ලි:වර්ඩ් වෙරිෆිකේශන් අයින් කරන්න.කොමෙන්ට් කරන්න ලේසි වෙන්න.

    ReplyDelete
  2. ස්තුතියි පළමු කමෙන්ටුවට.... මම හිතුවේ නෑ සෑහෙන කාලෙකට කමෙන්ටුවක් දකින්න...

    ඔන්න අයින් කලා

    ReplyDelete
  3. සුභ පැතුම්!

    බලමු කියෝලා!

    ReplyDelete
  4. බොහොම ස්තූතියි... කාලෙකින් මුකුත් ලියන්න බැරිවුනා.. ඔබගේ පැමිණීමෙන් නැවතත් මට ලියන්න ධෛර්යයක් ලැබුනා... ඒකටත් ස්තූතියි

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...