Friday, May 18, 2012

දණ ගාගෙන ගෙදර ගියපු දවස





මම බ්ලොග් කියවන්න ඇවිත් වැඩි කාලයක් නෑ. හරියටම දිනෙත් එක්ක තියනවා නම් Wednesday, April 06, 2011. ඉස්සර මම එළකිරියට නිතර වගේ ගොඩ වැදුන කෙනෙක්. දවසක් එක ත්රේඩ් එකක හෝ ගාලා වලියක් යනවා එකෙක් පොස්ට් එකක් දාලා.. ඒකට තව එකෙක් වලිය දානවා ඒක උගේ නංගිගේ බ්ලොග් පෝස්ට් එකක් මෙන්න මූ කොපි කරලා කියලා.. කොහොමින් කොහොම හරි ඇත්තටම ඒක බ්ලොග් එකකින් ගත්ත එකක් තමයි .. මේ වලිය අස්සේ දාලා තිබ්බ ලින්කුවක් දිගේ මම ගියා http://somethingfromeverything.blogspot.com කියන බ්ලොග් එකට. ඇත්තටම එදා දවසම වෙන වැඩක් කලේ නෑ... ඒ මුළු බ්ලොග් එකම කියෙව්වා.. 

පල්ලෙහා දාලා තියෙන්නේ ඒ බ්ලොග් එකේ තිබ්බ කථාවකට මම දාපු කොමෙන්ටු කථාවක් 

---------------------------------------------------------------------------------
ගොඩක් පරණ පෝස්ට් එකක් වුනත් මේකට Reply එකක් දාන්න හිතුනා... මොකද කියනවා නම් මේ විදියේම වැඩක් මටත් වෙලා තියෙන නිසා...


මේ කියන දවස්වල මම මගේ 6.... 07... වෙනි ලව් ස්ටොරි එකේ , තියලා . තියලා හිටියේ .... ගෙදරිනුත් ඒ ගැන දැනගෙන හිටියා...ගෙදරින් ඒ දවස් වල මා ගැන ටිකක් සෙවිල්ලෙන් තමයි හිටියේ, කොල්ලා අවුලෙන් කියලා...



දවසක් හවස් වැඩ ඇරිලා එන‍කොට මගේ යාළුවෝ දෙන්නෙක් කථා කරලා කිව්වා පොඩි අඩියක් ගහමු කියලා... මම බෑම කිව්වා ( ගෙදර යන්න.... හී හී )ඉතින් දෙන්නගෙ බල කිරීමටම මමත් ගියා. වැඩේ ඉතින් හීමිට පටන් අරගෙන ටික ටික දුර ගියා... පටන් ගත්ත වර්ගෙන් නෙමේ ඉවර වූනේ ( කට්ටිය දන්නවනේ වර්ග 03 04ක් කලවම් වුනාම ඉතින් සොරි.කොම් තමා)



ටිකක් රෑ වුන හින්දා මම එක යාළුවෙකුට කිව්වා මාව ගෙදර දාලා එන්න කියලා... ටිකක් විතර කෙලින් ඉන්නත් අමාරු වෙලයි හිටියේ. ඉතින් පොර මාව බයික් එකේ දාගෙන අපේ ගෙවල් පාරට හරවලා ටික දුරක් ඇවිත් කිව්වා මචන් බැහැපන් ගෙදරට ආවා කියලා..රයිට් මචන් බුදු ෆිට් එක පස්සේ සෙට් වෙමු කියලා බදාගෙන ඉඹලා, මමත් ගියා ගේට්ටුව ගාවට ... අපේ ගෙදර වෙනද නැති විදියේ ගේට්ටුවක් හින්දා පොඩ්ඩක් ආපහු සැරයක් වට පිට බැලුවා... මළ තොප්පියයි යාළුවා මාව බස්සලා තියෙන්නේ වෙන ගෙදරක් ඉස්සරහනේ... දැන් ඉතින් මොකද කරන්නේ?? මම පාරට ඇවිත් උතුර දකුණ බැළුවා... ලාවට වගේ අපේ ගෙවල් පැත්ත කියලා මට හිතුන දිහාවට හැරිලා පා‍රේ පළල මැන මැන දණ ගාගෙන ගියා... ගෙදරට ලං වෙන කොට මට තේරුනා අද නම් සොරිම තමා කියලා. අම්මයි තාත්තයි දෙන්නම ගෙදර ඉස්සරහට වෙලා කාලය දීපය දේශය විපරම් කරනවා... වෙන කරන්න දෙයක් නෑ... ඕන මගුලක් ප්‍රීති වෙසක් කියලා පපුව ඉස්සරහට දාගෙන ගියා ඇතුලට.. මල් පෝච්චි දෙකක විතර හැප්පිලා දොරේ උළුවස්සේ ඔළුවත් වද්දගෙන ගේ ඇතුලට යන පුත්තරයා ‍දිහා අපේ අම්මයි තාත්තයි බැළුවේ නිකන් @#$%$$#@# වගේ ... 



මම කෙලින්ම ගියේ කාමරේට දොර ලොක් කරගෙනම වැතිරුනා ඇඳේ ( එහෙම තමයි හිතුවේ හැබැයි පස්සේ බලද්දි තමා දන්නේ සිසිල් පොලොවේ කියලා, උදේ හිටියේ ඇඳ යට )



මට දැන් ඉතින් ඇහෙනවා දෙන්නා පුපුරන සද්දේ.. අනේ ඉතින් මගේ පරණ කෑල්ලටත් එක්ක තමා දෙන්නා දෙහි කැපුවේ.. හැබැයි ඉතින් අපරාදේ කියන්න බෑ, ඊට පස්සෙන්දා උදේ නැගිටිනකොට වෙනදා වගේම තේ එක කාමරේටම ආවා.... මුකුත් නොකිව්වත් ගොඩක් දේවල් අම්මගේ මූනෙන් පෙනුනා..



එදාට පස්සෙත් ඉඳලාම හිටලා සමහර වෙලාවට සෙට් වුනත්.. සීමාවක් මායිමක් ඇතුව තමා .. 

දැන් නම් ඉතින් NO CHANCE කොල්ලෙක් නෙමේ තාත්තෙක් හින්දා..
--------------------------------------------------------------------------------
ප/ලි : කොමෙන්ට් එකේ ඒ කාලේ NO CHANCE කිව්වට... දැන් නම් ඉතින් එහෙමමත් නෑ 

Wednesday, April 25, 2012

හෙලෝ හෙලෝ (කලකට පසු ලියමි මෙසේ)



මේ කථාව මතක් වුනේ ඕනමැන්ටල්ගේ බ්ලොග් ඒකේ තිබ්බ පරණ කථාවක් දැකලයි. මේකෙත් ප්‍රධාන චරිතය "රාජා". හහ්... ඇයි සෙනවියා... ඌත් ඉන්නවා..  මාත් ටිකක් ඈතින් හිටියා.

ඔය ඉස්කෝලේ යන කාලේ තියෙනවානේ එක එක පිස්සු.. යාළුවෙක්ගෙ ගෙදරට සෙට් වෙලා කල්ලි ගැහිලා පාඩම් කරනවා වගේ ‍වැඩ... ගෙවල් වලිනුත් මේකට මනාපැයි.. ඇයි ඉතින් එහෙම හරි ටිකක් පාඩම් කරයි කියලා නොවැ හිතන්නේ (ඇත්තට ඉතින් කොරන්නෙ නැත්තෙත් පාඩම් කරන එක විතරමයි.. අනිත් හැම විජාතික කුමන්ත්‍රණේම කරනවානේ)

ඔන්න ඔහොම සෙට් වෙන වෙලාවට අනම් මනං පිස්සු කෙලලා කෙලලා ඇති වුනාම කරන වැඩක් තමයි නම්බරේ දන්න අදුනන,  ‍නාදුනන නම්බරේ දන්න අයට කෝල් කරලා බයිට් කරන එක. දන්නවනේ ඉතිං ඔය වගේ කොල් දීලා අහන ඒවා.. අපි ** එෆ්.එම්. මෙන්න දවසේ ප්‍රශ්නය #$%#^@, නැත්තං දෙවානම් පියතිස්සගේ මුවා සෙවීම... සමහරු ජල සම්පාදන මණ්ඩලෙන් කථා කරලා වතුර තියෙනවාද අහලා හෙනං හෝදා ගන්ටත් කියනාවාළු...

ඉතිං මෙන්න මේ වගේ බයිටක් දෙමු කියලා අපි තුන්දෙනා සෙට් වෙලා කාටද බයිට් කරන්නේ කියලා හිත හිත ඉන්න වෙලාවේ, සෙනෙවිය ටක් ගාලා නොම්මරයක් ඔබලා "රාජා" ට දුන්නා නේ...

# මචං මෙන්න මේකට හොඳ බයිටක් දෙමු... හොඳට බයිට් කරන්ඩ පුළුවන්

# හරි මචං මං ‍කථා කරන්නම් (රාජාත් ඉතින් පැනලා හා)

# ෂු ෂූ... රින්ග්සි යනවා උඹලා කට වහගංලා (ආයෙත් රාජා)

# ......... (එහා පැත්තෙන් අනිවා හෙලො කියන්ටැති) // අපිට ඇහෙන්නෑනේ

# හලෝ හලෝ හලෝ (රාජා පිස්සුවෙන් වගේ එක දිගට හලෝ කියනවා) // ඌ එහෙමද කොහෙදො බයිට් කරන්නේ

## ................. (එහා පැත්තෙන් මොනවාද කිව්වා, රාජාගේ මූන ෆුල් පැලැට් උනා)

සද්ධ බද්ද නැතිව රීසීවර් එක තියලා හැරුකා සෙනෙවියා දෙසට...

අඩෝ කැ... වේ... පුතෝ තෝ අපේ ගෙදර නම් බර් එක නේද බල්ලෝ ඩයල් කලේ...
(සෙනෙවියටයි මටයි බඩ අල්ලං හිනා... )

කෝල් එක අරන් තියෙන්නේ උංගේ අම්මා.. කටහඩින් රාජාව අඳුනගෙන

## පුතා රාජා උඹට පිස්සු හැදීගෙන එනවාද ? කියලා තමයි අම්ම අහලා තියෙන්නේ

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...