Monday, September 5, 2011

කමක් නෑ ඉතින්, මල්ලිගෙනේ.... | යාළු කථා


ඒ දවස්වල අපි අතර (අපේ යාළුවෝ කට්ටිය අතර) ජනප්‍රිය වෙච්චි කථාවක් තිබ්බා "හලංගොඩ බස් එක" කියලා. අ‍පි මොකක් හරි වැඩකට සෙට් වෙන වෙලාවකට, අදාල නොවෙන අපි අකමැති පුද්ගලයෙක් හිටියොත් කරන්නේ එයාව හලංගොඩ බස් එකට නංගවන එක තමයි. කොටින්ම කියනවානම් එයාව හලන එක..... මොකද සමහර වෙලාවට ඔය අනවශ්‍ය මිතුරු ඇසුර නිසා විඳවන්න වෙන්නේ අපිටමයි...


ඔන්න ඉතින් එක දවසක් අපේ යාළුවෝ දෙන්නෙක් වෙන සේනයි, බංඩාරයි පොඩි පහේ වැඩකට සෙට් වුනා. ( වෙන මොකද්ද ඉතින් අමරස සිංහ මාර්ක් බීර පානයට තමයි ) අසනීප වෙච්ච කොම්පියුටර් කෑල්ලක් අටවලා දීපු ප්‍රීතියට ඒකේ අයිතිකාරයා බංඩාරට පොඩි ගතමන්ට් එකක් දීලා, දැන් ඒකෙන් පොඩි පහේ වඩේ 10 යි බීර 02 යි අරගෙන පාර්ටියට සෙට් වෙන්ඩ එනකොට... අපේ සේනගේ අයියා (මහප්පගේ පුතා) මූණටම සෙට් වෙලා... හැබැයි ඉතින් බුවා ටිකක් විතර කන බොන කේස් වලට වාත පොරක් සහ තියෙන්නෙත් දෙකයි හින්දා මුන් දෙන්න කරේ මොකක් හරි බොරුවක් දාලා අයියා කාරයව හලංගොඩ බස් එකට නංගවපු එක..


ඔන්න ඉතින් ආපු බාධකත් සාර්ථකව අයින් කර ගෙන දෙන්නත් එක්ක ගෙවල් ගාව තියෙන පිට්ටනියක් අයිනේ තිබ්බ "ප්‍රජාශාලාවක්" ඇතුලට වෙලා හිමීට හිමීට වැඩේ කරගෙන ගියා. (ප්‍රජාශාලා තියෙන්නේ ඉතින් ඕකට නොවැ) කොහොමින් කො‍හොමහරි වඩේත් ඉවරයි බඩුත් ඉවරයි මට්ටමට ආවාම අපේ සේනට ආවා පොඩි පහේ උවමනාවක් ..... බීර බිව්වාම කොහොමත් ටිකක් වැඩියෙන් මේක වෙනවළුනේ (මම නම් දන්නේ නෑ ඕං, මම අහලා තියෙනවා.....) ඉතින් මේ යෝධයා ප්‍රජා ශාලවේ මුල්ලකටම ඔය වැඩේ කොරන්ඩ යද්දි බංඩාර ඕකට විරුද්ධ වෙලා ( අන්න වැදගත් මිනිස්සු )
පස්සේ වෙන තැනක් නැති හින්දා, අර හිස් වෙච්ච එක බෝතලයක් පාවිච්චි කරලා තියෙනවා ඔය වැඩේට. ඉතින් ඔය වැඩේත් ඉවර වෙලා දෙන්නත් එක්ක පොඩි කයියක් දාගෙන ඉන්කොට අර කලින් හලංගොඩ යවපු අයියා කාරයා ඔන්න ඔතනින් යන ගමන් මුන් දෙන්නව දැකලා ඇතුලට ඇවිල්ලා. ආපු ගමන් අයියා දැක්කේ බිම තිබ්බ බෝතල් දෙක. අයියට තේරුනා මුන් දෙන්නා එයාට හොරෙන් තමයි සෙට් වෙන්න ගියේ කියලා....
" අඩෝ උඹලා මාව හලලා බොන්ඩ නේද හැදුවේ හිටපල්ලා උඹලට" කියලා පැනපු ගමන් බොතලේ කටේ තියාගෙනම බොන්ඩ ගත්තළු, උගුරක් දෙකක් විතර බොනකොට මෑන්ට රහේ වෙනස තේරිලා, බීපු ඔක්කොම ආපහු දාලා.... " කවුද යකෝ මේකට *** කරපු #$%#$% පුතා " කියලා අහලා.


සීන් එකට අපේ දෙන්නට නවත්ත ගන්න බැරිව හිනා....




ප/ලි : දැන් ඉතින් ඔය සිද්ධිය අපි ඉඳලා හිටලා පොරට මතක් කරන කොට පොර කියනවා...


"කමක් නෑ ඉතින්, මල්ලිගේ ** නේ....."

(කථාව සීයට දෙසීයක් ඇත්ත වන මුත් නම් 02 නම් පට්ටම පට්ටපල් බොරුය, කලින් කථාවක ලඟින් යන නමක් දමා අතේම මාට්ටු වූ නිසා එසේ කරන ලදී)

5 comments:

  1. ඉතින් ඔය වැඩේත් ඉවර වෙලා දෙන්නත් එක්ක පොඩි කයියක් දාගෙන ඉන්කොට අර කලින් හලංගොඩ යවපු අයියා කාරයා ඔන්න ඔතනින් යන ගමන්..............
    මේං මෙතෙන්ට එනකොට මගේ ඇග හීතලවෙලා ගියා, වෙන්න යන වින්නැහිය කලිංම දැකලා.
    මරු කතාව.

    ReplyDelete
  2. @රාජ්
    බොහොම ස්තූතියි යාළුවා

    ReplyDelete
  3. මෙහෙම කේස් එකක් ඇහැව්වාමයි!

    අනික අර හලන්ගොඩ බස් කතාවත් මරු.

    ReplyDelete
  4. ඔය බස් එක හින්දා අපි කොච්චර නම් වාත පොරවල්ගෙන් බේරිලා තියෙනවාද?

    *මේකත් නිකන් චූ කථා සිරීස් එකට ගැලපෙනවා වගේ නේද ?

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...