Thursday, September 1, 2011

බංගලි වළළු ගෙන එන්නයි.....


මේ කථාව මට අහන්න ලැබුනේ මගේ මිත්‍රයෙක්ගෙන්. ඒයා කිව්ව විදියට නම් මේක සත්‍ය සිඳුවීමක් ළු. හැබැයි ඉතින් දන්නවනේ කට්ටිය කතන්දර කියන්නේ හරියට තමන්ටම වුනා වගේනේ... එතකං හොයලා බැලුවම තමයි තෙරෙන්නේ ඇත්ත නැත්ත.

ඔන්න ඉතින් එක්තරා ගමක ඉඳලා තියෙනවා ටිකක් සංගීතයට බර ඔය නාඩගම් වලට එහෙම ගොඩක් ආශා කරන පොරක්. මෙයා ටිකක්  තිතට "මත" තියෙන පොරක් කියමුකෝ. හැබැයි ඉතින් පදමට ආවාම කථාවට නම් තිතක් තියා‍ කොමාවක්වත් තියන්නේ නෑළු....

ඉතින් දවසක් මේ ගමේ තිබිලා කියෙනවා සංගීතයක්, (සමහරවිට ජහුටා එකක් වෙන්නත් ඇති) අර කලින් කිව්ව පොරත් ඔන්න වෙනදා වගේම බෙල්ල ගාවට ගහලා ගිහින් තියෙනවා ඕක බලන්න.. අනේ ඉතින් මේක බලන් ඉන්නකොට පොරටත් හිතිලා තියෙනවා සිංදුවක් කියන්ඩ ඕනේ කියලා. එහෙම හිතපු පොර හිමීට සංවිධායකයෙක් ගාවට කිට්ටු කරලා තමන්ගේ ආශාව ගැන කියලා තියෙනවා.

මේවගේ ඉතින් කාටත් තහනමක් නෑ සිංදු කියන්න, මොකද සිංදු කියන තරමට තමයි සංවිධායකයින්ට වාසි. සිංදුවකට පොඩි ගානක් ගන්නවා ( කොටින්ම කියනවානම් සිංදු වෙන්දේසී කරනවා ) කොහොමින් කොහොම හරි මේ කියන පොරත් සිංදුවක් කියන්න චාන්ස් එකක් ඉල්ලා ගත්තා....

පොරගේ වාරය ආවාම මයික් ඉස්සරහට ගිහින් සිංදුව කියන්න පටන් ගත්තා කියමුකෝ... ඔන්න ඉතින් අහගෙන ඉන්න අයට ඇහෙනවා මෙන්න මෙහෙම ලයින් එකක්

බං.......  ගෙ....... පො......

සිංදුවක් නෑ.... ඉතින් කට්ටිය පොඩ්ඩක් ලං වෙලා එහෙම බලලා මොකද මේ සීන් එක කියලා... මොකද දන්නවද වෙලා තියෙන්නේ?

පොර සිංදුව කියන්න ගිහිල්ලා මයික් එක ගාව හිටගෙන සරමේ කොනක් එහෙම උස්සගෙන , අර නිකං පොඩි නැටුම් පාරක් එහෙම දාලා සිංදුව කියන ගමන් මයික් එක ඉස්සරහට පනිනවළු ආපහු පිටිපස්සට පනිනවළු.
ඉතින් මයික් එකට සෙට් වෙන්නේ සිංදුවේ පොඩි කෑලි ටිකක් විතරළු 

බංගලි වළළු ගෙන එන්නයි ‍පොරොන්දුව

4 comments:

  1. හික් හික් මේක ඔයාට උන එකෙක් එහෙම නෙමේ නේ? :)

    ReplyDelete
  2. හික්ස් ඒකත් මරුවැඩේ තමයි..
    අදයි ආවෙ මෙහාට. දිගටම ලියමු. :)
    ජය!!

    ReplyDelete
  3. @නදී
    අනේ නැහැ... මට එහෙමවත් සිංදුවක් කියන්න තාම චාන්ස් එකක් ඇවිල්ලා නෑ..

    @හිම කුමාරි
    බොහොම ස්තූතියි

    ReplyDelete
  4. හොඳ වෙලාවට අර හුන්නස්ගිරියේ කඳු මුදුනේ කියන සින්දුව කිව්වෙ නැත්තේ.

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...