Friday, December 2, 2011

ලව් ඩ්‍රෙස් | ටිකක් ‍හිනාවෙන්න



පොඩි කථාවක් මතක් වුනා... මේක මම ඇහුවේ ඉංගිරීසි ඩිප්ලෝමාවක් කරන්ට ගිය කාලෙක ඒකේ උගන්නපු මරු සර් කෙනෙක්ගෙන්. පොර මේකේ ඔරිජීනල් වර්ෂන් එක ඉංගිරිස් වලින් කල නිසා මට තේරුණ සිංහලෙන් එක ‍මෙතන කොටනවා
(මේ කථාව සර් කියපු වෙලේ හෝල් එක පිරෙන්ඩ අවස්ථා 03 කදී හිනා හඩින් පිරී ගියෝය. විස්තර පසුවට)

ලඟදී කසාද බැන්ද තමන්ගේ දුවව බලන්ඩ කියලා අම්මා ගියා ළු බෑණ‍ගෙ ගෙදර. ඔන්න ඉතින් ගෙදර දොර ලඟට එහෙම ගිහිල්ලා බැල් එක ගහලා ඉන්න කොට, දොර ඇරගෙන ආපු දුවව දැක්ක අම්මා කලන්තේ හැදෙන්න ඔන්න මෙන්න සයිස් ළු... 
මොකද කියනවානම් දුව ඇවිල්ලා තියෙන්නේ 100% නූල් ලස් ඇඳුමක් ඇඳගෙන... (ඉංගිරීසියෙන් කිව්වේ නූල් පටක් නැතිව කීලා)

"ඈ දුවේ මේ මොන කෝලමක්ද? උඹට පිස්සුද"

දුව ටිකක් ඇඹරිලා එහෙම කිව්වළු
"අනේ අම්මා, මේ මගේ ලව් ඩ්‍රෙස් එක, කැමති නැද්ද මේකට? මේක ඇඳලා හිටියාම අපේ හබියා මට මාර ලව්"

"අනේ උඹලගේ විකාර" කියලා අම්මා ආ ගිය විස්තර එහෙම කථා කරලා බේරිලා ඉතින් ආපහු ගෙදර ආවළු.

ගෙදර ඇවිල්ලා ඉන්න අතරෙදි ඔය දුවගේ ලව් ඩ්‍රෙස් එක ගැන මතක් වෙලා ... අම්මටත් හිතුන ළු ඕක ට්‍රයි කොරලා බලාන්ට.. අනේ ඉතින් හවස මහත්තැන් එන වෙලාව බලලා එහෙම අර නූල් ලස් ඇඳුමට බැහැලා බලාගෙන හිටිය ළු මහත්තැන්ව සර්පයිස් කොරන්ඩ. 

හවස බැල් එක ගහනවත් එක්කම දුවගෙන දොර ගාවට ගියපු අම්මා කෝකටත් කියලා කලින් ජනේලෙන් බලලා (මහත්තැන්මද ආවේ කියලා)  දොර ඇරලා....


මේක දැක්ක මහත්තයා එක පාරටම බයවෙලා වගේ අහලා

"නොනේ මේ මොකද? ඔයාගේ ඔළුව හොඳ නැතිවේගෙනවත් එනවැයි?"

නෝනා කියලා..

"අනේ ඒයී, මේ මගේ ලව් ඩ්‍රෙස් එක, ඔයා කැමති නැද්ද?"

මහත්තයා ටිකක් වෙලා කල්පනා කරලා නෝනා දිහා බලලා එහෙම කිව්වා ළු

"ඩ්‍රෙස් එක නම් හොඳයි නෝනේ? හැබැයි ඔයා ඕක අයන් කරලා නෙමේද ඇන්දේ......? "




ප/ලි : මේක සර් කියපු ගමන්ම 
1) ඉංගිරීස් දත් ස්ටාටර් ‍හොඳට වැඩ අය ඔන් ද ස්පොට් හිනා වුනේය,
2) ඉංගිරීසිත් මදක් දත් හැබැයි ටියුබ් ලයිට් ‍පොරවල් ටික වෙලාවකට පසුව හිනා වුනේය,
3) ඉංගිරීස් නොදත් ලඟ හිටපු කලින් හිනා වෙච්චි එකෙක්ගෙන් අහගත් පොරවල්  එක පාරට මහ හඩින්ම සිනා සුන නිසා ඔක්කෝටම නැවතත් හිනා ගියේය..

මම හිනා වුනේ කෝකටද කියා මතක නැත

5 comments:

  1. මට සිංහලෙන් කියලත් පැහැදිලි නෑනේ බොලේ.අයන් කරල නෑ කිවෙ ???ඇග රැලිවැටිලා නිසාද?

    ඔය කියන්නෙ රජරට යුනි එකේ ඉන්ග්ලිශ් ඩිප් එක වෙන්ටැ:)

    ReplyDelete
  2. හොඳට මතක් කරල බලන්න කොයි වෙලාවෙද හිනා වුනේ කියල, සමහර විට දැන් ආයෙත් හිනා වෙන්න පුලුවන්ද කියන්න බෑ. හෙහ් හෙහ්

    ReplyDelete
  3. @නදී : ඔය තේරිලා තියෙන්නේ...
    //ඔය කියන්නෙ රජරට යුනි එකේ ඉන්ග්ලිශ් ඩිප් එක වෙන්ටැ:) //
    හ්ම් හ්ම් ඒක තමා

    ReplyDelete
  4. ඔබා මාමේ : (කමක් නෑනේ එහෙම කිව්වාට)
    එක දෙක කෙසේ වෙතත් තුන්වෙනි එකට නම් පණ යනකන් හිනා වුනා

    ReplyDelete
  5. රජ්ජුරුවන් ගේ ඇඳුම මතක් වුනා!

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...