Monday, August 29, 2011

රාජගේ අයියගේ මගුල් ගෙදර




‍මේ සිද්ධිය උනේ අපි උසස් පෙළ කරන කාලේ. අපේ යාළුවෝ සෙට් ඒකේ හිටපු අමුතුම ජාතියේ පොරක් තමා රාජා, හැබැයි ඉතින් ඕන වැඩකට රෙඩි වගේම පන්තියෙත් හිටපු හොඳම බ්‍රයිටා ( රිසල්ට් එනකන් ඒ බව දැනගෙන හිටයේ අපි විතරයි, වෙන අය වගේ පොර ගුරුවරුන්ට ලකුණු දාගන්න ගියෙ නැති නිසා ගුරුවරුත් පොර ගැන දන්නේ නෑ).

‍මේ කථාවේ අනෙක් ප්‍රධාන සාමාජිකයා තමයි අපේ පන්ති භාර ගුරුතුමා.. හරිම අහිංසකයා. කොච්චර අහිංසකද කියනවානම් අපිට කලින් හිටපු අයියලා එතුමට නමක් දාලා තිබ්බා "පියෝලතා" කියලා. සර් අපිට ඉගැන්නුවේ සංයුක්ත ගණිතය, කලින් කරලා ති‍බ්බේ ශුද්ධ ගණිතය (හිතා ගන්න පුළුවන්නේ නමේ වරුණ). හැබැයි ඉතින් ‍මොකද්දෝ නරක වෙලාවකට පියෝට රාජවත්, රාජාට පියෝවත් පෙන්නන්න බෑ.

දවසක් අපේ තව හොඳම ගජයෙක් එක්ක රාජා ඉස්කෝලෙට ආවේ විනාඩි 45 විතර පරක්කු වෙලා. උන් දෙන්නගෙම හොඳ වෙලාවටද කොහෙද ගරු විදුහල්පතිතුමා නම් පේන තැනක ඉඳලා නෑ. පන්තියට ආපු රාජගේ අතේ බුලත් අතක් තිබ්බ හින්ද මම ඇහුවා "මචං මොකද බුලත් අතක්" කියලා. රාජා දීපු උත්තරේට මට ටිකක් විතර මලත් පැන්නා. "අපේ අයියගේ වෙඩින් එකට සර්ට ආරාධනා කරන්න ගෙනාවේ මචං" කියලා මෙන්න රාජා කියපි.... ඇයි යකෝ අයියගේ වෙඩින් එක අපිටවත් කියන්න කලින් සර්ට කියන්නේ මූට පිස්සුද ?

සර් වෙලාව ඉවර වෙලා පන්තියෙන් එලියට යනවත් එක්කම නැගිටලා ගියපු රාජා බුලත් අත එහෙම දීලා සර්ට කථා කරලා ආව.. ආපු ගමන් ඉතින් අපේ එවුන් ටික වටකරගෙන රාජා ට පළු යන්නන බනින්න පටන් ගත්තා. (වෙඩින් එක අපිට නොකියපු තරහට) හැබැයි ඉතින් ඌ දුන්න උත්තරේට කට්ටිය හොල්මං.....

"උඹලට වෙඩින් එක කියන්න අපේ අයියා බඳින්න ඒපැයි බං"

"එහෙනම් උඹ සර්ට ආරාධනා කරේ" මං ඇහුවා

"නිකං බං" (පිස්සුද මූට)
බලන කොට වෙලා තියෙන්නේ මේකයි, මූ උදේම අපේ තව යාළුවෙක් එක්ක මොකද්දෝ සාත්තර සීන් එකකට බුලත් එහෙම අරගෙන පන්සලකට ගිහිල්ලා. හැබැයි වෙලා‍ව පරක්කු හින්දා වැඩේ කෙරිලා නෑ. ඉතින් එන ගමන් මූට ඇවිල්ලා මහා කුප්ප අදහසක්. ඒක තමයි මූ සර්ට බුලත් අතක් දීලා කියලා තියෙන්නේ අයියගේ මගුල් ගෙදර තියෙනවා කියලා...

ඔන්න ඉතින් අපි ඔය සිද්ධියට හිනා වෙලා ... කථා කරලා හිටියට දවස ගෙවෙද්දි අපිට ඕක අමතක වෙලා ගියා ... එදා සිකුරාදා දවසක් නිසා දවස් දෙකකට පස්සේ තමා ආයේ අපි හම්බ වුනේ....

ඔන්න ඉතින් වෙනදා වගේ අපි සඳුදා ඉස්කොලේ අවා කියමුකෝ..........
විහිළුවට වුනත් කරපු වැඩේ බරපතලකම අපිට විතරක් නෙමේ රාජා ටත් තේරුනේ එදා තමා.

7 comments:

  1. කොයි බොලව් කතාවේ ඉතුරු හරිය???

    මේ ඔයා 2002 බැච් පුරේ සෙන්ට්‍රල් නේ???.

    පියෝලතා නම් අදුරනව,එතකොට කවුද රජා???

    ReplyDelete
  2. ඉතුරු ටික ඉක්මනට එනවා

    2002 තමා දන්න කෙනෙක් වගේ
    (ඔයත් 2002 නම් මේ සිද්ධිය නොදන්න විදියක් නෑ)

    රජා නෙමෙයි රාජා....

    ReplyDelete
  3. මමත් 2002 A/L ACC BIO රාජා නම් මතක නෑ???

    ReplyDelete
  4. රාජා.... කිව්වට මෙයාගේ නම රාජපක්ෂ.. හී හී
    (දැන් මතක් වුනාද?) මම 2002 13B

    ReplyDelete
  5. මොකාද බොලේ ඒ? මුල්නම් මොකද්ද?6 වසරේ ඉදලාම අපිත් එක්ක හිටපුකෙනෙක්ද? :O

    ReplyDelete
  6. නැතිව නැතිව...

    ReplyDelete
  7. machan,

    are you friend of NAYANA SEMASINHA from anuradhapura?

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...